'අර්බුද අන්තයෙන් මඩ කේක්' ?
රටක දේශපාලන සහ ආර්ථික අස්ථාවරත්වයේ ඉතාම අමිහිරි අන්තයක් ලෙස උග්‍ර ආහාර හිගයක් ඇතිවිය හැක. පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැදින්වූ ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතාම කනගාටුදායක වේ.මේ දිනවල ඇසගැටෙන පුවත් මගින් උග්‍ර ආහාර අර්බුධයක් ඇතිවීමේ අවදානම ගැන නිතර අසන්නට ලැබේ.යම් හෙයකින් එසේ ඇතිවන අර්බුදය සාගතයක් දක්වා වර්ධනය වුවහොත් අප කවරදාකවත් අත්නොවිදි දේ විදීමට සිදුවිය හැක.මේ කතාවේ ප්‍රසිද්ධ මෙන්ම අමිහිරි අත්දැකීම් හයිටි වැනි අප්‍රිකානු රටවලින් අසන්නට ලැබේ,එනම් තම කුසගිනි නිවා ගැනීම සදහා පිසින ලද මඩ ආහාරයට ගැනීමයි. මෙසේ පස් ආහාරයට ගැනීමේ විද්‍යාත්මක පැහැදිලි කිර්‍රම කුමක්ද?
Disclaimer- ලිපියේ යොදාගෙන ඇති 'පස්' යන වචනයෙන් විවිධ ආකාරවල පස්(soil) වර්ග සදහා පොදුවේ භාවිතා කර ඇත
![]() |
| පිසින ලද මඩ ආහාරයට ගන්නා හයිටියේ දරුවන් |
Geophagia නමින් හදුන්වන්නේ සම්මතයේදී ආහාර ලෙස නොපිළිගන්නා පස්(soil) වර්ග ආහාරයට ගැනීමයි.මෙය ප්‍රථමයෙන්ම හිපොක්‍රොටීස් විසින් අර්ථදක්වා ඇත,ඉන් පසුව 16,17 සියවස් වලදී මේ නිසා ඇතිවන green sickness නම් රක්තහීනතා ව්‍යාධියක් පිළිබද වාර්තා වී ඇත. මෙලෙස මිනිසුන් විසින් පස් වර්ග ආහාරයට ගැනීම සදහා හේතු ගනනාවක් දක්නට ලැබේ. ගර්භණීත්වය(pregnancy), විවිධ මානසික ආබාධ, පෝෂණ ඌනතා,විවිධ සම්ප්‍රධායික විශ්වාසයන් ඒ අතර ප්‍රමුඛ වෙයි.
Soil Pica
pica නමින් හදුන්වන මානසික රෝගය මගින් අසාමාන්‍ය ලෙස සම්මතයේ පිළිගන්නා ආහාර නොවන පස් වර්ග ආහාරයට ගැනීම සදහා දැඩි රුචිකත්වයක් ඇති කරයි.
![]() |
Pregnancy carvings
pregnancy carvings ලෙස හදුන්වන්නේ කාන්තාවන්ට ගර්භනී සමයේ සිදුවන හෝමෝන() විපර්යාස හේතුවෙන් යම් සුවිශේෂී ආහාර වර්ගයක් සදහා ඇතිවන දැඩි රුචිකත්වයයි.සාමාන්‍ය ව්‍යවහාරයේදී දොළදුක යනුවෙන් මෙය ඔබ අසා ඇත.මෙසේ ඇතිවන හදිසි ආශාවන් ඇතැම් විටක සම්මතයේ පවතින නිතර දක්නට ලැබෙන ආහාර වර්ගවලට මෙන්ම සාමාන්‍ය ආහාර නොවන දේ කෙරෙහිද ඇත්වේ.මෙලෙස පස් වර්ග සදහා ඇතිවන කැමැත්ත පෙර කී pica නම් රෝගයෙහි දිගුවක් ලෙස ගත හැක.
අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශවල ගර්භණී කාන්තාවන් මෙලෙස පස් වර්ග ආහාරයට ගැනීම සුලබ දසුනකි. එය ඔවුන්ගේ සංස්තික විශ්වාසයන් සමගද බැදී ඇත.මේ සදහා ඔවුන් රතු මැටි භාවිත කරන අතර මෙසේ මැටි ආහාරයට ගැනීම මව්කුස සිටින බිළිදාට ඉතාමත් හිතකර බවද විශ්වාස කරයි.නමුත් පසේ සිටිනා පරපෝෂිතයන් මෙන්ම දූෂක වර්ග නිසා ඔවුන්ගේ ජීවිතවලට ඇති තර්ජනයද සුළුපටු නොවේ.
පෝෂණ ඌනතා
ඉතාමත් දිළිදු සමාජයක සාගතය යනු නොවැලැක්වියහැකි අදුරු ඉරණමකි,මේනිසා ඇතිවන පෝෂණ ඌනතාද බහුලය.යම් අයෙකුට යකඩ ඌනතාවය නිසා ඇතිවන රක්තහීනතාවය(iron deficiency Anemia) ඇතිවුවොත් බොහෝ විට පස් අහාරයට ගැනීමට රුචියක් ඇතිවීමට හැකිය.
'පස් ආහාරයට ගැනීම හිතකරද? අහිතකරද? යන්න පිළිබදව සිදුකරන ලද පර්‍යේෂණ මගින් ලැබී ඇති ප්‍රතිඵල මතභේදාත්මක වී ඇත්තේ එය හිතකර මෙන්ම අහිතකර බවටද සාක්ෂි ලැබී ඇති නිසාවෙනි.'
පස් අහිතකරයි?
මෙහි අහිතකර බලපෑම් කෙරෙහි පසෙහි අන්තර්ගතය සෘජුවම බලපාන සාධකයක් වන අතර බොහෝ වෛද්‍ය විශේෂඥයින්ගේ මතය අනුව මේ තත්වය ඉතාම අවදානම් විය හැකියි.
බැක්ටීරියා,බැරලෝහ සහ පරපෝෂිතයින්
පසෙහි බැර ලෝහ ,මිනිස් අපද්‍රව්‍ය, පරපෝෂිතයින් සහ තවත් බොහෝ හානිකර අපද්‍රව්‍ය අන්තර්ගත විය හැක.
Ascariasis යනු Ascarid worms නිසා හට ගන්නා මෙලෙස පස් ආහාරයට ගන්නා නයිජීරියාවේ කුඩා දරුවන් අතර බහුල රෝගයකි.මෙය කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද ආසාදනය වන නමුත් මෙහි රෝග ලක්ෂණ බහුලව දක්නට ලැබෙන්නේ කුඩා දරුවන්ගෙනි.
ඛනිජ ඌනතාවය (iron and zinc deficiency)
පස් ආහාරයට ගැනීම මගින් zinc ,iron වැනි පෝෂක අවශෝෂනය කිරීමට ශරීරය අපොහොසත් වේ.මෙමගින් සෘජුවම යකඩ සහ සින්ක් ඌනතාවය අතිවේ.
'පස් ආහාරයට ගැනීම හිතකර වේ'?
පස් ආහාරයක් ලෙස ගැනීම හිතකර බව අප කවරෙකුත් නොසිතන ආකාරයට ප්‍රතිඵල පර්‍යේෂණ වාර්තා වලින් ඉදිරිපත් කර තිබේ.නමුත් මෙය තවමත් පූර්ණ වශයෙන් තහවුරුකර නොමැත.
මිනිසුන් 482ක් සහ සතුන් 297 දෙනෙකු යොදාගෙන 2011 වසරේදී සිදුකළ පර්‍යේෂණයක් මගින් සනාත කර ඇත්තේ ජීවි දේහය තුල නිපදවෙන විවිධ විෂ ද්‍රව්‍ය (toxic) අවශෝෂනය කිරීම ඉතා සාර්ථකව පස් මගින් සිදු කළ හැකි බවයි.නමුත් මෙය න්‍යායාත්මකව තහවුරු කිරීම සදහා තවත් පර්‍යෙෂණ සනාත කිරීම් අවශ්‍ය වේ.
යම් විෂ සහිත පළතුරක් ලබාගත් විට,විවිධ ආහාර ජීර්ණය ආශ්‍රිත රෝග( පාචනය වැනි) තත්වයන් වලදී සතුන් බොහෝ විට මඩ වර්ග ආහාරයට ලබා ගනියි.මෙසේ ගන්නා මඩෙහි පාචනය සුවකිරීම සදහා යොදාගන්නා ඖෂධයක් ලෙස යොදාගන්නා Bismuth subsalicylate (Kaopectate) අඩංගු වන බව පර්‍යෙෂකයින් පෙන්වා දෙයි.මෙනිසා මිනිසුන් සදහාද මෙය යොදාගත හැකි බව ඔවුන්ගේ මතයයි.kaolin
ලොව පුරා බොහෝ ගර්භනී මව්වරුන් ගර්භනී සමය තුල ඇතිවන Morning sickness තත්වයට ප්‍රතිකර්මයක් ලෙස මෙලෙස පස් ආහාරයට ගැනීම,එහි ගන්ධය ආග්‍රහනය කිර්‍රිම සිදුකරන බවත් එමගින් ඔවුනට සාර්තක ප්‍රතිඵල අත්ව ඇති බවත් 2003 වසරේ පලවූ පර්‍යේෂණ වාර්ථාවක් මගින් ප්‍රකාශ කර ඇත.2003 research
නමුත් පර්‍යේෂණ මගින් පස් හිතකර බවට පළ වී ඇති අදහස් න්‍යායාත්මක අදහස් ලෙස පිළිගත නොහැකිවන්නේ සාපේක්ෂව ගත් විට පස් ආහාරයට ගැනීම නිසා ඇතිවන සංකූලතා ඉතාම බහුලව පවතින බැවිනි
කෙසේ වුවත් දැනට පවතින පිළිගත් මතය වන්නේ ආහාරයක් ලෙස පස් ලබා ගැනීම බොහෝ සෞඛ්‍ය ගැටළු වලට හේතු විය හැකි බවයි.මෙලෙස පස් ආහාරයට ගැනීමට රුචියක් ඔබ තුල ඇතිවුවහොත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩා සුදුසු වේ.සාගතයක් වැනි අර්බුදයක් අන්තයේද ඇතිවන විවිධ පෝෂණ ඌනතා සහ විවිධ මානසික හේතූන් නිසා මෙවැනි geophagia තත්වයන් ඇති වීමට ඉඩකඩ ඇත.එනිසා එවැනි තත්වයන් ඇති නොවන අයුරින් තත්වයන් පාලනය කරගත යුතුය.




0 Comments